බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දහම් පාසල් හරහා මෙම විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර දහම් පාසල් ප්රධානීන් වෙත තැපැල් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එසේම මෙතෙක් එම ප්රවේශපත්ර නොලැබී ඇති අයදුම්කරුවෙක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස දහම් පාසල් ප්රධානීන් වෙත සපයා ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

