ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කරන ලද පොලිස් මෙහෙයුම් වලින් සැකකරුවන් 1,865ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශ සඳහන් කරනවා.
ඉන් සැකකරුවන් 145 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලීසිය පවසන්නේ.
එසේම, සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 134 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 154 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුමේ දී පොලිසිය විසින් සොයා ගත් මත්ද්‍රව්‍ය ලැයිස්තුව,
හෙරොයින් මත්ද්‍රව්‍ය 613g
අයිස් මත්ද්‍රව්‍ය 746g
ගංජා මත්ද්‍රව්‍ය 16kg 500g
ගංජා පැළ 272,041ක්
හෂීෂ් 263g
මාවා 49kg 400g
හෑෂ් 16g
තූල් 852g
මදනමෝධක 479g
මත්පෙති 3,142ක්

