JN1 Omicron නම් කොරෝනා උපප්‍රභේදය මේ වන විට ශ්‍රී ලංකාවට ඇතුලු වී ඇති බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම මේ වනවිට ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ මොහොතේ එහි ව්‍යාප්තිය පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි.
කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් තවමත් සක්‍රීය තත්ත්වයේ පවතින අතර අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත් ලබාගැනීම වැදගත් බව ඔහු එහි පෙන්වා දී තිබෙනවා.
ඔහුගේ සටහන පහතින්,




