චාමර වීරසිංහගේ ආදරණිය බිරිඳ කළ ඉල්ලීම

හදවතේ ගායකයා නොහොත් චාමර වීරසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

එහි දී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ද ඇතුළත් කෙරුණු බවයි වාර්තා වෙන්නේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි.

මේ අතර ඔහුගේ ආදරණිය බිරිඳ විසින් ඔහු වෙනුවෙන් පින්කම් ආදිය හැකිනම් සංවිධානය කරමින් ඔහුට සෙත් පතන ලෙස චාමර විරසිහගේ නිල ෆේස්බුක් පිටුවේ ඉල්ලීමක් ද කර තිබුනා.

එසේම ඔහුව බැලීමේ අරමුණින් කළුබෝවිල රෝහල වෙත නොපැමිණෙන ලෙසත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන බවත් චාමර වීරසිංහ මහතාගේ පවුලේ ඥාතීන් විසින් ඔහුගේ රසික රසිකාවියන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

ඉතින් හදවතේ ගායකයාණෙනි, ඉක්මනින් සුව වී යළිත් ඔබේ හඩින් රසික හදවත් උමතු කරන්නට හැකි වේවා යැයි අපි ප්‍රර්ථනා කරනවා,

බුදු සරණයි !