උතුරු අර්ධගෝලයේ කෙටිම දිනය අද

ඔයාල දන්නවා නේ අපේ පෘථිවිය සහ සූර්යයා අතර තියෙන දුර හැම වෙලේම නියත දුරක් විදිහට පවතින්නේ නැහැ. පෘථිවියේ තියෙන අංශක විසි තුන හමාරක ඇලයත් එක්ක එක භ්‍රමණය සහ පරිභ්‍රමණය වන විට ඒ දුර වෙනස් වෙනවා.

ඉතින් ශිත ඍතුවේ දී අපේ සූර්යයා සහ පෘථිවිය අතර වැඩිම දුරක් තියෙන්නේ අද දවසේ. ඒක Winter Solstice ලෙස හඳුන්වලා තියෙනවා. ඉතින් අද දවසේ තමයි උතුරු අර්ධගෝලයේ කෙටිම දිවා එළිය සහ දීර්ඝතම රාත්‍රිය සහිත දවස වෙන්නේ.

What the Winter Solstice Really Means | The Weather Channel

පෘථිවියේ තියෙන ඇලයත් එක්ක පෘථිවියේ හැම පැත්තකටම එක සමාන ලෙස සූර්යය ආලෝකය ලැබෙන්නේ නැහැ. සමකය ආසන්නව උතුරු සහ දකුණු නිවර්තන කලාප වලට විශාල වශයෙන් හිරුඑළිය ලැබෙනකොට උතුරු සහ දකුණු අර්ධගෝල කොටස් වලට අඩුවෙන් තමයි හිරු එලිය වැටෙන්නේ. ඉතින් ඒ කොටස් වල මේ හිරු එලිය වැටෙන ආකාරය සහ කාලය අනුව ඍතු භේදයක් පවතිනවා. අද උතුරු අර්ධගෝලය ගොඩක් ඈතින් තියෙන නිසා ඒකට හිරු එලිය වැටෙන්නේ ගොඩක් පොඩි කාලයක් විතරයි.

සාමාන්‍යයෙන් මේ දවස දෙසැම්බර් 21 හෝ 22 කියන දවසට වැටෙනවා.. මේ අවුරුද්දේ ඉතින් දෙසැම්බර් 21ට තමයි වැටිලා තියෙන්නේ.

මේ දිනය ගොඩක් සංස්කෘතීන් විසින් විශේෂ වැදගත්කමක් දෙන දිනයක්. උදාහරණයක් විදිහට අතීත රෝමවරුන් විසින් ආලෝකයේ සහ මංගල්‍යයේ උත්සවයක් ලෙසින් මේ දවස සැටර්නාලියා උත්සවය සමරනවා.

14 Best Festivals in November Around the World in 2023
රෝමයේ සැටර්නාලියා උත්සවය

ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනයේ ජනතාව සූර්යයාගේ නැවත පැමිණීම සනිටුහන් කටමින් දින ගණනාවක උත්සවයක් සංවිධානය කරනවා. එයාල සූර්යය දෙවියන් ලෙස පිලිගන්න තෝර දෙවියන්ට ගෞරව කිරීම පිණිස ලී කොටයක් පුළුස්සා දානවා කියලා තම සඳහන් වෙන්නේ.

ඒ වගේම තමයි චීන ජනතාව විසින් Dongzhi උත්සවය සමරනු ලබන්නේත් අද වගේ දවසක.එයාලා ටැං යුවාන් කියලා බත් බෝල වගේ විශේෂ ආහරයක් අද අනුභව කරනවා.

Premium Photo | Thai glutinous rice balls thai dessert (bua loi)
බත් වලින් සෑදු ටැං යුවාන් බෝල

අද දවසින් පස්සේ උතුරු අර්ධගෝලයේ දිවා කාලය ක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. සූර්යයාලෝකය ලැබෙන කාලය වැඩි වෙනවා කියන්නේ පරිසරයේ තියෙන ශීතල ස්වාභාවය ක්‍රමයෙන් අඩු වෙලා ගිහින් ආයෙමත් ගස් වල මල් ගෙඩි ඇති වෙන්න පටන් ගන්නවා කියන එක. ඉතින් ඇත්තටම එක අලුත් ආරම්භයක්

තාරකා විද්‍යාවට අනුව නම් අද දවස තමයි ශිත ඍතුවේ ආරම්භය සනිටුහන් කරන්නේ.

පෘථිවියේ උතුරු සහ දකුණු අර්ධගෝලයේ තියෙන්නේ එකිනෙකට වෙනස් ඍතු භේදයක්. උතුරු අර්ධගෝලයේ මේ කාලේ ශිත ඍතුව පවතිනකොට දකුණු අර්ධගෝලයේ ගිම්හාන ඍතුව තියෙන්නේ.අද සූර්යයා සමකයට අංශක 23ක් දකුණින් පිහිටි මකර නිවර්තන කලාපයට ඉහළින් සෘජුවම දිස් වනු ලබනව. ඒ කියන්නේ පෘථිවියේ දකුණු අර්ධගෝලය තියෙන පැත්ත සූර්යයාට වඩාත් ආසන්නව තියෙන්නේ. ඒ නිසා අද දකුණු අර්ධගෝලයේ දිගින් වැඩිම දිනයක් සහ කෙටිම රාත්‍රියක් තියෙනවා.