ලංකා ඛනිජතෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල් 238ම ලබන 25 වැනිදායින් පසුව වැසී යාමේ අවදානමක් මතුව ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා .
සංස්ථාවට අයත් සිපට්කෝ ඉන්ධනහල් හිමියන්ට දැනට ලැබෙන 2.75%ක කොමිස් මුදලින් 35%ක මාසික බෙදුම්කාර ධුර ගාස්තුවක් අළුතින් අයකර ගැනීමට සංස්ථාව තීරණය කර තිබෙන බවත් එය ලබන 25වැනිදාට පෙර එම මුදල ගෙවා නොදමන්නේ නම් එදින සිට ඉන්ධන හල්වලට තෙල් නිකුත් කිරීම නවතා දමන බවට ලිඛිතව තර්ජනය කර ඇති බවත් එම සංගමය පවසනවා .
ඉන්ධනහල්වලට මේ වන විට හිමිවන කොමිස් මුදලින් 0.25ක් මාසික පරිහරණ ගාස්තු ලෙස සංස්ථාව අයකර ගන්නා බවද ඊට අමතරව තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවද මෙම අය කිරීම යෝජනා වූයේ 2006 වසරේ වුවත් 2014 වසරේදී ක්රියාත්මක කිරීමට කළ සාකච්ඡාවලින් පසුව මෙන්ම 2021 වසරේ දී ක්රියාත්මක කළ සාකච්ඡාවලින් පසුව මෙම යෝජනාව ක්රියාත්මක කිරීම අවලංගු වූ බවද එම සංගමය පවසනවා .
එසේ තිබියදී අංක 1053 දරණ චක්රලේඛනයට ප්රකාරව දැනට ඉන්ධනහල් වෙත හිමිවන 2.75%ක කොමිස් මුදලින් 35%ක් අය කර ගැනීමට සංස්ථාව තීරණය කර ඇති බව සඳහන්.
මීට අමතරව ඉන්ධනහල් හිමියන් විසින් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල්ද මාසික වාරික 12 කින් ගෙවා අවසන් කරන ලෙසද දැනුම් දී තිබෙනවා.
මෙම මාසික බැඳුම්කර ගාස්තු හා හිඟ මුදල් ගෙවීමට අපොහොසත් වන්නේ නම් පූර්ව දැනුම් දීමකින් තොරව ඉන්ධන සැපයුම නතර කරන බවට අනතුරු අඟවා ඇතැයි ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා .
සංස්ථාවට කිසිම පෙරුම් හලක් කල්බදු ගිවිසුම් ප්රකාරව ලබාදී නොමැති නමුත් බෙදුම්කරුවන්ට කල්බදු කුවිතාන්සි නිකුත් කිරීම තවත් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මේ නිසා මෙම තීරණය වෙනුවෙන් නීතිමය ආවරණයක් ලබා ගැනීමට සංගමයට සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

