සති කිහිපයක් තිස්සේ පැවති තීව්ර භූ කම්පන මාලාවකින් අනතුරුව නිරිතදිග අයිස්ලන්තයේ රීක්ජාන්ස් (Reykjanes) අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා.
අයිස්ලන්ත කාලගුණ අංශ සඳහන් කරන්නේ මෙම පිපිරීම දේශීය වේලාවෙන් 22:17ට (GMT 22:17) නගරයට උතුරින් ආරම්භ වූ බවයි.
ගිනි කන්දට ආසන්නව වාසය කළ පුද්ගලයන් 4,000ක් පමණ මින් පෙර ඉවත් කිරීමට කටයුතු කළ අතර ඒ අසල තිබූ වෙළඳසැල් ආදිය ද මින් පෙර වසා දැමුනා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම පිපිරීම ගිනි කන්ද අසල නගරය වන ග්‍රින්ඩාවික් සිට ඊසාන දෙසින් කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) පමණ දුරින් පිහිටා ඇති අතර භූ කම්පන ක්‍රියාකාරකම් නගරය දෙසට ගමන් කරන බවයි.
ගිනි කන්දේ ලාවා තත්පරයට ඝන මීටර් 100 ත් 200ත් අතර වේගයෙන් ගලා ගොස් ඇති අතර එය මෑත වසරවල Reykjanes අර්ධද්වීපයේ පෙර පිපිරීම්වලට වඩා බොහෝ ගුණයකින් වැඩි බවයි සඳහන් වන්නේ.

