සජිත් ආරම්භ කළ උදාගම්මාන වන වැඩ ප්‍රසන්න අවසන් කරන්න යයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන වල වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

උදා ගම්මාන 2,150 ක අඩක් ඉදිකළ නිවාස 39,815 ක වැඩ මෙලෙස අවසන් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසරක කා⁣ලයේ දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබූ නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙනුයි.