මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් නායකත්වයේ වෙනසක්

රෝහිත් ෂර්මා වෙනුවට හර්දික් පාණ්ඩ්‍යා එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරන බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් රෝහිත් ෂර්මා IPL තරඟයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කරනු ඇති බවයි සඳහන් වෙන්නේ.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන පවසා ඇත්තේ නායකත්වය වෙනස් කිරීමට ගත් මෙම තීරණය කණ්ඩායමේ ඉදිරි අනාගතය වෙනුවෙන් ගත් එකක් බවයි.

රෝහිත් ෂර්මා 2013 වසරේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලැබූ අතර IPL ඉතිහාසයේ විශිෂ්ටතම නායකයෙකු ලෙස ඔහුව සලකනු ලබන බවයි මහේල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

හර්දික් පාණ්ඩ්‍යා 2022 IPL තරඟාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරනු ලැබුවා.

IPL තරඟාවලියේ නායකයා ලෙස රෝහිත් තරඟ 158 න් 87 ක් ජයග්‍රහණය කර ඇත්තේ 55.06% ක ජයග්‍රහණ අනුපාතයකිනි.

2024 IPL තරඟාවලිය ලබන වසරේ මාර්තු 23 වන දින සිට මැයි 29 වන දින දක්වා පැවැත්වෙනවා.