ජී.එල් සජබය හා එක් වෙන්න යයි

ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩ නැගීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ව ජනතාව ආරක්ෂා කර ගැනීම සිය අරමුණ බවයි.

ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ.