වලාකුලින් බර වූ අහසක්

අද (16) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

උතුරු, උතුරු – මැද, නැඟෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැක.

එසේම සෙසු ප්‍රදේශවල ද පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩ කඩක් පවතිනවා.

වයඹ පළාතේ උදෑසන කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ නැඟෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.