දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණයත් සමඟ ජලාශ රැසක වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වෙනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 32 න් 12 ක් ම මේ වනවිට විවෘත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම අංගමුව ජලාශයේ ද වාන් දොරටු දෙකම මේ වනවිට විවෘත කර පවතින අතර, මේ හේතුවෙන් මෙම ජලාශ පහළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ සම්බන්ධයෙන් සැළකිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 8 ක් තවමත් විවෘතව පවතින බව උතුර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු එන්. සුදාකරන් සඳහන් කළා.
වවුනියාව – පාවක්කුලම ජලාශයේ ද වාන් දොරටු 4 ම විවෘත කර තිබෙනවා.
ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම්වල පදිංචි පවුල් 394 කට අයත් පුද්ගලයින් 1,234 කට පීඩා සිදුව ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

