ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වෙයි

ජපානයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙක් ඊයේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙනවා.

ජපාන ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් වන මොවුන්ට යෙන් මිලියන 500කට වඩා වැඩි මුදලක් පසුගිය වසර පහක කාලය තුළ අවිධිමත් ලෙස භාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙම දූෂණ චෝදනා හේතුවෙන් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා යටතේ පවතින ආණ්ඩුවේ ජනප්‍රියතාවය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ.