සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හරහා දූෂිත ගනුදෙනුවක් සිදු කර ඇති බවට අනාවරණයක්

මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඔස්ට්‍රේලියානු ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමෙන් ආණ්ඩුව දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනාවරණය කරනවා.

අද දින විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා විසින් එම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් පළ කරනු ලැබුවා.

මෙගාවොට් 1500ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලාර් ගෲප් ආයතනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා නිවේදනය කළේය.

ඒ අනුව එය අමෙරිකානු ඩොලර් මිලියන 1727ක මුදලක් මෙරට ආයෝජනය කර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි වැව මතුපිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෙසේවෙතත් මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනතාවට වැඩි මිලට විදුලිය මිලදී ගැනීමට සිදුවන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කරනු ලැබුවා.