කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පොලිස්පති මහජන සහන දිනය යලි ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.
ඒ අනුව ලබන 15 වනදා සිට සෑම සිකුරාදා දිනකම උදෑසන 9 පොලිස්පති මහජන සහන දිනය පැවැත්වෙනු ඇත.
පොලිස් ස්ථානවලින් සිදුවන අසාධාරණ සහ විමර්ශන අංශවලදී අනවශ්‍ය ප්‍රමාද වීම් පිළිබඳව පැමිණිලි මෙහිදී ඉදිරිපත් කළ හැකියි.
මෙය නැවත ආරම්භ කරනුයේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

