පාර්ලිමේන්තු සජීව විකාශය ප්‍රමාද කරන ලෙස ඉල්ලීමක්

පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම පැය බාගයකින් පරක්කු කරන්නැයි කථානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් තමා ඉල්ලීමක් කළ බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඒ පාර්ලිමේන්තුවේ අනවශ්‍ය මඩ ප්‍රහාර සහ වෙනත් බොහෝ දේ කතා කරමින් වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට හා විනිසුරුවන් ඉලක්ක කරගෙන විවිධ ප්‍රකාශ කිරීම හේතුවෙනි.

විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න දෙස බලන්නැයි කී හෙතෙම අනවශ්‍ය දේට කාලය මිඩංගු කරමින් වැඩකට නැති දේවල් කතා කරන බවත් මේවා බලාගෙන ඉන්න අයට පාර්ලිමේන්තුව ගැන තියෙන විශ්වාසය නැතිවී යන බවත් වැඩිදුරටත් සදහන් කළා .