2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 80,222ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
පවතින අධික වැස්ස සමග රටපුරා ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.
සමස්ත රෝගීන්ගෙන් 46.4%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වනවා.
ඒ අනුව රෝගීන් 16,948ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්, රෝගීන් 15,419 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් සහ රෝගීන් 4,849ක් කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට රට පුරා දිස්ත්‍රික්ක රැසක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61ක් ඩෙංගු අධි අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.
එසේම ඩෙංගු රෝගය හේතුවෙන් මේ වසරේ පමණක් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි.

