පාසල් පෙළපොත් පෙබරවාරි 19ට පෙර

පාසල් සිසුන්ට නව අධ්‍යන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් ලබා දීම ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කරනවා.

ඒ අද පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින්.

එසේම දිවයිනේ දුෂ්කර සහ හුදෙකලා පාසල්වල සිසු සිසුවියන් 7,47,093ක් සඳහා පාවහන් වව්චර්පත් ලබා දීමට රුපියල් මිලියන දෙදහස් දෙසීයක් වැය කර ඇති බව ද ඔහු සඳහන් කරනවා.