ජනපති යළි දිවයිනට

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙන බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 30 වන දින පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම සමුළුව තුළදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සමුළුව ඇමතු අතර දේශගුණික යුක්ති සංසදයක් සඳහා වූ යෝජනාව ද ඉදිරිපත් කරනු ලැබුවා.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී සිදු කරනු ලැබුවා.

සමුළුවට සමගාමීව ජනාධිපතිවරයා රටවල් රැසක රාජ්‍ය නායකයින් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා ද පවත්වා තිබෙනවා.