තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු නිවේදනයක්

ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට මෙම නිවේදනය හරහා අනතුරු අඟවා ඇත.

ඉහත මුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අදාළ නිවේදනය පහතින්,