ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බවත්, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
එසේම ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 7.5 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්රයේ සැලසුම් සකස් කළ යුතු බව යි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.
එහි දී ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රීලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම ද ජනාධිපතිවරයාගේ අතින් සිදුවිය

