භාණ්ඩ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙලක්

ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසුවේ ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම සත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.