2023 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් කාල සීමාව තුළ පමණක් නව ලාදුරු රෝගීන් 1,256ක් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙම රෝගීන් හමු වී ඇති බවත්, ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ය.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 256ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් ආදී වශයෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වලින් ද වාර්තා වී තිබෙනවා.
මෙම රෝගීන් අතර අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131ක් සිටින බව අධ්‍යක්ෂකවරයා අවධාරණය කරනවා.

