28 වෙනිදායින් පසු කාලගුණය යළි කැළඹෙයි

දිවයිනට නැගෙනහිර දෙසින් වූ බෙංගාල බොක්කේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ලබන 28 වනදායින් පසු නැවත වැසි සහිත කාලගුණයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර දැඩි වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය උපරිම මට්ටමෙන් සිදුකරන බැවින් ඉදිරියේදී විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට ද හැකියාව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශ සියල්ලේ ජල ධාරිතාවය 96%ක මට්ටමක් පවතින අතර දෛනික විදුලි අවශ්‍යතාවය ගිගා වොට් පැය 1200කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ජලය උපයෝගි කර ගනිමින් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.