උත්සව සමයේ දී පාරිභෝගික අධිකාරියේ වැටලීම් වැඩි වෙයි

එළඹෙන උත්සව සමයේ පාරිභෝගික ජනතාව මිලදී ගන්නා භාණ්ඩ සහ ආහාරවල සුරක්ෂිතතාව උදෙසා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැටලීම් සහ විමර්ශන තීව්‍ර කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.

ඒ සඳහා උදව් කරන ලෙසත්, අදාළ තොරතුරු පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත ලබා දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 20 දක්වා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 24ක දඩ මුදලක් අය කරගැනීමට හැකි වී තිබෙනවා.

එසේම සිදු කරන ලද වැටලීම් 22,000ක පමණ සංඛ්‍යාවක් තුළ සහල් වැටලීම් 3,151ක් සහ සීනි වැටලීම් 510ක් පමණ සිදුකර ඇති බවයි අධිකාරිය සඳහන් කරන්නේ.