කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

හෙට දිනයේ පැය 16ක කාලයක් සඳහා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් කරනවා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14, හා 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇත.

අදාළ කප්පාදුව හෙට පස්වරු 5.00 සිට අනිද්දා (25) පෙරවරු 9.00 දක්වා පැය 16ක කාලයක් ක්‍රියාත්මක වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරන්නේ