2023 ලෝක කුසලාන කණ්ඩායම් වලට හිමි වූ මුදල් ත්‍යාග

13 වැනි එක්දින ලෝක කුසලාන තරඟයේ අවසන් මහා තරඟය ඊයේ ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වුණා.

එහි දී සත්කාරක ඉන්දියාවට එරෙහිව කඩුලු 6ක ජයක් ලැබූ ඔස්ට්‍රේලියාව හයවැනි වරටත් ලෝක ශූරයන් බවට පත්වීමට සමත් වුණා.

ශූරතාව දිනූ ඔස්ට්‍ර්ලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදලක් සහ අනුශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

එසේම තරඟයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් වලට ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 800,000ක මුදලක් ලබා දී තිබෙනවා.

මීට අමතරව තරඟාවලිය පුරාවටම කණ්ඩායම් අත් කර ගත් ජයග්‍රහණ සඳහා ඇමරිකානු ඩොලර් 40,000ක් බැගින් ප්‍රදානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව විවිධ රටවල කණ්ඩායම් විසින් ලබා ගත් මුළු ත්‍යාග මුදල් පහත පරිදි වේ,

  • ඕස්ට්‍රේලියාව – ඇමරිකානු ඩොලර් මිලියන 4.28
  • ඉන්දියාව – ඇමරිකානු ඩොලර් මිලියන 2.36
  • දකුණු අප්‍රිකාව – ඇමරිකානු ඩොලර් මිලියන 1.08
  • නවසීලන්තය – ඇමරිකානු ඩොලර් මිලියන 1
  • පකිස්ථානය – ඇමරිකානු ඩොලර් 260,000
  • ඇෆ්ගනිස්ථානය – ඇමරිකානු ඩොලර් 260,000
  • එංගලන්තය – ඇමරිකානු ඩොලර් 220,000
  • බංග්ලාදේශය – ඇමරිකානු ඩොලර් 180,000
  • ශ්‍රී ලංකාව – ඇමරිකානු ඩොලර් 180,000
  • නෙදර්ලන්තය – ඇමරිකානු ඩොලර්180,000