රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරනු – සර්වපාක්ෂික අරගලකරුවෝ

‘රට බංකොළොත් කිරීමට වගකිවයුතු රාජපක්ෂ පවුලේ ප්‍රජා අයිතිය වහා අහෝසි කරනු.!’ යනුවෙන් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී තිබෙන්නේ ජන අරගලයෙන් පන්නා දැමූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු කල්ලියේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කළ යුතුය යන්නයි.

එසේම රටේ මිලියන 21ක ජනතාව ගෑස් හිඟයෙන්, ඉන්ධන හිඟයෙන්, විදුලි කප්පාදුවෙන්, බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටියදී එකමුතු නොවූ පාර්ලිමේන්තුවක් මේ රට බංකොළොත්භාවයට පත්කළ මෙම කල්ලියට එරෙහිව එකමුතු වේ යැයි ඔවුන් කිසිසේත් විශ්වාස නොකරන බව‍ ද ඔවුන් මෙහි සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,