2023 ක්රිකට් එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට අද ඉන්දියාව සමත් වුණා.
ඒ අද පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී නවසිලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 70ක ජයක් වාර්තා කිරීමත් සමඟය.
එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 397ක් රැස් කර ගත්තා.
අගනා ඉනිමක් ක්රීඩා කළ Virat Kohli පන්දු 113 තුල ලකුණු 117ක් ද, Shreyas Iyer පන්දු 70 තුළ ලකුණු 105ක් ද සහ ශුබ්මන් ගිල් ලකුණු 80ක් ද රැස් කරනු ලැබුවා,
ලකුණු 398ක ඉලක්කයක් හඹා යමින් පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327ක් පමණි.
එහි දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Daryl Mitchell ශතකයක් ද ලබා ගනිමින් ලකුණු 134ක් රැස් කළ අතර Kane Williamson ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

