ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල සුසාන භූමියක් බවට පත් වීමට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රෝහල ඇතුළත සහ පිටත මළ සිරුරු ගොඩගැසී පවතින බවයි.
වෛද්‍ය පහසුකම් හිඟය හේතුවෙන් රෝහලේ සිටින නොමේරු ළදරුවන් පිරිසකට සහ වකුගඩු රෝගීන් 45 දෙනෙකුට අවශ්‍ය ප්‍රතිකාර කරගත නොහැකි තත්ත්වයට පත් වී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මේ අතර උතුරු ගාසා තීරයේ පිහිටි රෝහලක් වන අල්-අවුඩා රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් සඳහන් කර ඇත්තේ ඔවුන් දරුවන් ප්‍රසූත කිරීමේ දී සහ තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමේ දී බැටරි බලය යොදා ගන්න බවයි.
ඒ එම රෝහලට දින තුනක් තිස්සේ විදුලිය හෝ ඉන්ධන නොලැබී තිබීම හේතුවෙනි.
අල්-අවුඩා රෝහල යනු උතුරු ගාසා තීරයේ දැනට සේවය සපයන එකම රෝහල වනවා.
හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට ගාසා තීරයේ 11,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් 4,500 කට වැඩි පිරිසක් ළමුන් බවයි.

