පසුගිය දා රජය විසින් සංශෝධනය කරන ලද ආනයනික සීනි බද්ද හේතුවෙන් රජයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 27කින් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දී සීනි බදු වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනාවන්ට අනුව රජය විසින් සිය ආදායම ඉහළ නැංවීමේ එක් පියවරක් ලෙස මෙලෙස බදු වැඩි කිරීම සැලකිය හැකි බවත්, එය අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා රජයේ වියදම් සහ ගෙවීම් සපුරාලීම සඳහා උපකාරී වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
පසුගිය නොවැම්බර් 04 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා වූ බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය පියවර ගනු ලැබුවා.

