2022 අධ්‍යන වර්ෂයට අදාළ බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා මේ වන විට online ක්‍රමයට අයදුම්පත් කැඳවා තිබෙනවා.
අදාළ විභාග සම්බන්ධයෙන් වන නිවේදන ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් නොවැම්බර් 3, 10 සහ 17 යන දිනවල ගැසට් පත්‍රයේ පළ කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව online අයදුම්පත් භාරගැනීම අද සිට නොවැම්බර් 20 වනදා දක්වා බෞද්ධ හා කතෝලික දහම් පාසල් සඳහා ද නොවැම්බර් 17 වන දින සිට නොවැම්බර් මස 27 වන දින දක්වා හින්දු හා ඉස්ලාම් දහම් පාසල් සඳහා ද සිදු කරනු ඇත.
ඒ සඳහා අවශ්‍ය පරිශීලක නාම හා මුරපද ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිට තැපැල් කර යවා ඇතැයි ද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

