වෛද්‍යවරු නොමැතිව රෝහල් 20ක් වැසී යයි

මෑත කාලීන ව වෛද්‍යවරුන් නොමැති ව ලංකාවේ වැසී ගිය රෝහල් ගණන 20ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය සිදු කළ සමීක්ෂණයක දී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙසේ වැසී ගිය රෝහල් 20න් බහුතරයක් උතුරු, නැගෙනහිර, වයඔ, මධ්‍යම, පළාත්වල රෝහල් වනවා.

මේ අතර, උපාධිධාරී වෛද්‍යවරයකු නැති රෝහල් 44ක් ද, ඉදිරියේ දී වැසී යාමට නියමිත රෝහල් 95ක් ද, සේවා අඩපණ වූ රෝහල් සමස්තයක් ලෙස 150ක් ද තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පාලකයන් ජනතාව ගේ ජීවිත සම්බන්ධයෙන් සංවේදී නම්, ඔවුන් සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමට කටයුතු කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය නිවේදනය කරනවා.