පලස්තීනුවන් 50,000ක් ගාසා නගරය අතහැර යයි

ඊයේ දිනයේ පමණක් පලස්තීනුවන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ගාසා නගරය අතහැර දකුණු ගාසා ප්‍රදේශය වෙත පලා ගොස් තිබෙනවා.

මේ අතර රතු කුරුස සංවිධානයේ ගාසා හි පිහිටි කාර්යාලයේ ප්‍රධානියා සඳහන් කර තිබෙන්නේ ගාසා තීරය විශාල මානුෂීය ව්‍යසනයකට මුහුණ පා ඇති බවයි.

එසේම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන්, පිරිසිදු ජලය ලබාගැනීමට සහ සෞඛ්‍ය ආරක්‍ෂිත ස්ථානවල ජිවත් වීමට බාධා එල්ල වී ඇති බැවින් ගාසා තීරයේ රෝග ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යමින් පවතින් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතරු අඟවා තිබෙනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දිගින් දිගටම කියා සිටින්නේ හමාස් සංවිධානය විසින් රඳවා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් කිසිසේත් සටන් විරාමයක් ඇති නොවන බවයි.

නවතම වාර්තා වලට අනුව ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය පලස්තීන පුද්ගලයන් සංඛ්‍යාව 10,569 දක්වා ඉහළ ගොස් තිබෙනවා.