විදුලි සේවකයන් දැවැන්ත විරෝධතාවයක

නොවැම්බර් පළමුවැනි දා සියලු විදුලි සේවකයන් කොළඹට කැඳවමින් දැවැන්ත විරෝධතාවක නිරත වීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

විදුලි බිල නැංවීමට එරෙහිව අත් පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මේ බව සඳහන් කර තිබෙනවා.

මෙම විරෝධතාවය කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිට සිදු කිරීමට නියමිත යි.