රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමිනුයි.

මෙම ජයග්‍රහණයත් සමඟ දකුණු අප්‍රිකාව විසින් සිව් වතාවක් රග්බි ලෝක කුසලානය දිනා ගෙන තිබෙනවා.