වැල්ලවායේ සිට තණමල්විල හරහා ලුනුගම්වෙහෙර ජලාශය දක්වා ගලාබසින කිරිඳි ඔයේ ජල මට්ටම වැල්ලවාය ප්‍රදේශයේදී සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ හේතුවෙන් කිරිඳි ඔය දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මොනරාගල දිස්ත්‍රික්කය හරහා ගලාබසින කිරිඳි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ අධික වැසි ඇති වී තිබීම නිසා මෙලෙස කිරිඳි ඔයේ ජල මට්ටම සැලකියයුතු ලෙස ඉහළ යමින් පවතිනවා.
එසේම මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසද ජනතාවට දැනුම් දෙන අතර කිරිඳි ඔය හරහා වැටී ඇති මාර්ග භාවිත කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් ද කරනවා.

