පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත කරන්නේ නැහැ – ජනපති

ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර වූ ගැටුමේදී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම අනුමත නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති මිලාදුන් නබි උත්සවයයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම ගැටුම් නවතා සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙලට තම පූර්ණ සහය ලබා දෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.