දෙමළ ඊළාම් කොටි සංවිධානයට (LTTE) පක්ෂව සිදු කරන ලද කළ ප්රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඇය නිදහස් කර තිබෙනවා.
අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
යාපනයේ පැවති උත්සවයක් අතරතුර දී කොටි සංවිධානය යළි ගොඩනැගිය යුතු බව ප්රකාශ කරමින් ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට උත්සාහ කළ බවට විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව 2016 ජූලි මාසයේදී නඩු පැවරීමක් සිදු කරනු ලැබුවා.
කෙසේවෙතත් විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සඳහන් කර

