යුද්ධය හේතුවෙන් පිඩාවට පත් ජනතාවට මානුෂිය ආධාර රැගත් ලොරි රථ සිය ගනනක් ගාසා තීරයට ඇතුළු වීමට දේශසීමාව අසල රැඳී සිටින බව වාර්තා වෙනවා.
එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් පවසන්නේ ආහාර, ඖෂධ සහ ජලය වලට අමාතරව තවත් බොහෝ දෑ ඉදිරියට අවශ්‍ය විය හැකි වන අතර ඒවා සැපයීම සඳහා දිනකට ලොරි 100 ක් පමණ යෙදවිය යුතු වන බවයි.
BBC වෙත අදහස් දක්වමින් එක් පලස්තීන වැසියෙක් සඳහන් කර තිබෙන්නේ 16 දෙනෙක්ගෙන් යුතු ඔහුගේ පවුල ජලය ස්වල්පයකින් සහ ටින් ආහාර වලින් යැපෙමින් ජිවත් වන බවයි.
ඔහු සඳහන් කරන්නේ යුද්ධයක දී ඕනෑම දෙයක් සිදු විය හැකි බැවින් දිවි ගලවා ගැනීම ප්‍රධාන අරමුණ වන බවයි.


