ජාතික ඉන්ධන අවසර පත්‍ර QR ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
අමාත්‍යවරයා X හි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ රජය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉදිරි මාස 12 සඳහා භාණ්ඩ අවශ්‍යතා සැලසුම් කිරීම සඳහා පමණක් සාකච්ඡා කර ඇති බවයි.
එසේම ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව, මුතුරාජවෙල පර්යන්තවල සහ අනෙකුත් ගබඩා සංකීර්ණවල දැනට පවතින ගබඩා ධාරිතාවයන් වැඩිකර විශාල තොගයක් පවත්වා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

