ඩිජිටල් කෘෂිකර්මයක් වෙනුවෙන් නව ගිවිසුමක්

දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනම අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

එහි දී කෘෂි ක්ෂේත්‍රයේ ඵලදාව වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එම මෘදුකාංගය කරහා පොහොර භාවිතයේ සිය ඵලදාව ලබා ගැනීම දක්වා සහ ලබා ගණන ඵලදාව සංරක්ෂණය කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ඒ සඳහා වූ දත්ත අමාත්‍යංශ හතකින් ලබා ගෙන මෙම වැඩපිළිවෙල ඉදිරියට කර ගෙන යාමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකා කෘෂිකර්මය දියුණු කිරීමට ඩොලර් මිලියන 250 ක ප්‍රදානයක් ද ලබා දෙනවා.