හමාස් සංවිධානය රඳවා ගෙන සිටින සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට විදුලිය, ඉන්ධන හෝ මානුෂීය ආධාර කිසිවක් ලබා නොදෙන බව ඊශ්‍රායල ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා.
ගාසා තීරයේ නිලධාරීන් පවසන්නේ ඉන්ධන නොලැබීම හේතුවෙන් එහි පිහිටි එකම බලාගාරය වසා දැමීමත් සමඟ වැසියන් ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලයේ මධ්‍ය හදිසි රජයක් පිහිටු වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ටස් එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහි දී අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කිරීමටයි සැලසුම් කර ඇති අතර ඔවුන් හමාස් සංවිධානය සම්පුර්ණයෙන් විනාශ කිරීමට ප්‍රතිඥා ලබා දී තිබෙනවා.
දැනට ලැබී ඇති වාර්තා වලට අනුව ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1,200 ඉක්මවා ඇති අතර ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,300 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගාසා තීරයේ විශාලතම රෝහල වන Al-Shifa හි ශල්‍ය වෛද්යරවරයෙක් වන Ghassan Abu Sitta පවසා ඇත්තේ මේ වන්ට රෝහල් ධාරිතාවය ඉක්මවා ගොස් ඇති අතර ඖෂධ සහ වෙනත් වෛද්‍ය උපකරණ වල පවතින හිඟය දරා ගත නොහැකි මට්ටමකට ලඟා වී ඇති බවයි.

