සෙනසුරාදා සිට හමාස් සංවිධානය විසින් දියත් කරන ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 600කට වඩා මිය ගොස් ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.
එසේම තවත් ඊශ්‍රායල ජාතිකයින් සහ හමුදා භටයන් 100ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස සටන්කාමින් රඳවා සිටින බවයි සඳහන් වෙන්නේ.
මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ද ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 370 දෙනකු මියගොස් තවත් 2200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පලස්තීන බලධාරීන් ද දන්වා සිටිනවා.
මෙම ප්‍රහාර සහ හදිසි තත්ත්වයන් හමුවේ ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් යුද ප්‍රකාශයක් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

