2023 වෛද්‍ය විද්‍යාවට අදාළ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට හංගේරියානු සම්භවයක් ඇති Katalin Kariko සහ එක්සත් ජනපදයේ Drew Weissman යන විද්‍යාඥයින් සමත් වී තිබෙනවා.
Covid 19 වෛරසයට එරෙහි පළමු mRNA එන්නත නිපදවීමට ආධාර කළ තාක්ෂණය සම්බන්ධ පරීක්ෂණ කිරීම වෙනුවෙන් මොවුන් දෙදෙනා මෙම සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
මේ වන විට mRNA තාක්ෂණය පිළිකා ඇතුළු අනෙකුත් රෝග සඳහා යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.
Moderna සහ Pfizer යන එන්නත් මෙම විද්‍යාඥයින් විසින් සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස සාම්ප්‍රදායික එන්නත් නිෂ්පාදන ක්‍රම වලින් බැහැරව නිර්මාණය කර තිබෙන අතර පසුගිය කාලයේ ගෝලීය වසංගතයක් ලෙස පැතිර යමින් තිබුණු කොවිඩ් පාලනය කර ගැනීම සඳහා මෙම එන්නත් විශාල වශයෙන් දායක වුණා.
මෙම mRNA Covid එන්නතක කොරෝනා වයිරසයේ අන්තර්ගත එක් ප්‍රෝටීනයක් ගොඩනැගීම සඳහා වූ ජාන අඩංගු වනු ලබන අතර එය ශරීරයට එන්නත් කළ විට අපගේ ශරීරයේ වූ සෛල මගින් ඇතුළු කරන ලද වෛරස් ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් නිපදවීමට පටන් ගනු ලබනවා.
පසුව අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිපදවන ලද මෙම වෛරස ප්‍රෝටීන ආගන්තුක ද්‍රව්‍ය ලෙස හඳුනා ගනිමින් ඒවා විනාශ කිරීම සඳහා ප්‍රතිදේහ නිපවනු ලබනවා.
මෙලෙස නිපදවන ලද ප්‍රතිදේහ අප ශරීරයේ රැඳී පවතින බැවින් අනාගතයේ යම් දිනයක සැබෑ කොරෝනා වයිරසය අප ශරීරයට ඇතුළු වුවහොත් ඊට එරෙහි ඉක්මන් ප්‍රතිචාර දැක්විය හැකි වන බැවින් වෛරසයට අපගේ ශරීරිය තුළ ගුණනය වීමට හැකියාවක් නොලැබීම මෙම එන්නත්කරණයේ වාසිය වනවා.
මෙම විද්‍යාඥයින් දෙදෙනාට ලබන දෙසැම්බර් 10 වන දින පවත්වනු ලබන උත්සවයකින් අනතුරුව රන් පදක්කමකින්, සහ ඇමරිකානු ඩොලර් මිලියනයක චෙක්පතකින් සමන්විත ඔවුන්ගේ ත්‍යාගය ලබා දෙනු ඇත.

