ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධීන් කිහිපයක්ම සටහන් කළ වස් කාලයට අයත් තවත් පොහොයක් වන බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
කාන්තාවන්ට ද මහණදම් පිරීමට අවස්ථාව ලබා දෙමින් භික්ෂුණි ශාසනයේ ආරම්භය සනිටුහන් වූයේ අද වන් වූ පොහොය දිනයක වනවා.
මහා ප්‍රජාපති ගෝතමී බිසව විසින් මහණ වීම සඳහා අවස්ථා කිහිපයක දී ම බුදුරජානන් වහන්සේ ගෙන් අවසර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප වූ අතර පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් අවසර ලබා ගත හැකි වූවා. ඒ අනුව මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ඇතුළු තවත් 500 ක් කාන්තාවන් මහණ වෙමින් භික්ෂුණි ශාසනය ආරම්භ වීම බිනර පොහොයක සිදු වුණා.
භික්ෂුණින් විසින් පිළිපැදිය යුතු අෂ්ට ගරු ධර්ම පැනවීම ද මේ අවස්ථාවේ දී සිදු වූ බවයි ශාසන ඉතිහාසය සඳහන් කරන්නේ.
එසේම තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේ දී සිදු කරන ලද තවත් විශේෂ සිදුවීම් වනවා.
ඒ අනුව අද පොහොය දිනයේ ලංකාවාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් සීල ව්‍යාපාර ආදියෙහි නියැලෙමින්, විහාරස්ථානවල පින්කම් වලට එක් වෙමින් ආගමානුකුලව සිය දවස ගත කරනු ලබනවා.
සියලු සත්ත්වයෝ සුවපත් වන පින්බර පොහෝ දිනයක් වේවා.!
තෙරුවන් සරණයි.

