අද එරට වේලාවෙන් උදෑසන 9.14 ට පමණ නවසීලන්තයේ රිච්ටර් මාපාංක 6.4 ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
නවසීලන්තයේ ජෙරල්ඩින් නගරයට කිලෝමීටර 45 ක් උතුරින් මෙම කම්පනයක සිදුව ඇති අතර කිලෝමීටර 10.1 ක් ගැඹුරින් මෙය සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
භූමිකම්පාවේ බලපෑම Geraldine, Methven, Fairlie, Ashburton, Mount Cook, Timaru, Twizel යනාදී ප්‍රදේශ බොහොමයකටම දැනී තිබෙනවා.
මෙය මේ වසරේ දැනට නවසීලන්තයට බලපෑ විශාලතම භූ කම්පනය වන අතර සිදු වූ හානි කිසිවක් සම්බන්ධව වාර්තා වී නොමැත.

