මහා බැංකුවට තවදුරටත් ස්වාධින වීම සඳහා අවස්ථාව සලසමින් නව මහා බැංකු පනත ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ හරහා මහා බැංකුවේ ජනතා පරමාධිපත්‍යයට ඇති බැඳීම තවදුරටත් පුළුල් කළ හැකි බවයි.
එසේම නව මහ බැංකු පනත මඟින් මුදල් මුද්‍රණය කිරීම සඳහා ඉල්ලීම් කිරීමට රජයට ඇති අවස්ථා දැඩි ව සීමා කර ඇති බවත්, සුවිශේෂි ආරක්ෂක ප්‍රශ්නයක දී, දිගින් දිගටම රට වසා තැබීමක දී, අකර්මණ්‍ය වන ආරක්ෂක ප්‍රශ්ණයක් දී හෝ ලෝක සෞඛ්‍ය ප්‍රශ්නයක දී යන අවස්ථා වල දී පමණක් මුදල් මුද්‍රණය කිරීම සඳහා රජයට ඉල්ලීම් කළ හැකි වනවා.

