ආර්ථික බංකොළොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැඳවා තිබෙනවා.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා ද අද දිනයේ එම කාරක සභා හමුවට කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ආර්ථිකය බංකොළොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා මෙලෙස කැඳවීම් සිදු කර ඇති බවයි.
විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින් කාරක සභාව හමුවට ඉදිරිපත් කර ඇති වාර්තා අධ්‍යනය කිරීම ද මීට සමගාමීව සිදු කෙරෙනු ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු බදු අඩු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙරට ආර්ථිකය බංකොළොත්වීමට බලපා ඇති බවයි එම විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින්ගේ වාර්තා පෙන්වා දී තිබෙන්නේ.

