පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විසින් ඊයේ විකාශය කරන ලද වීඩියෝව මගින් අනාවරණය කරන කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් පත්කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
එතුමා සඳහන් කරන්නේ තමන් එම කරුණු අනාවරණය කිරීම සම්බන්ධයෙන් එම නාලිකාවට කෘතඥතාව පළ කරන නමුත් එම ඉදිරිපත් කළ කරුණු නිසි විමර්ශනයකින් තොරව පිළිනොගන්නා බවත් ය.
එසේම තමන් වහන්සේ කිසිම අවස්ථාවක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට විරුද්ධව ඡන්දය දෙන ලෙසට ප්‍රකාශ නොකළ බව උන් වහන්සේ අද පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කරනු ලැබුවා.

